එළිසබෙත් රැජිනගේ දේහය ඇගේ එකම දියණිය රැගෙන යයි

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බනරෝ වෙත රැගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අවමංගල්‍ය එළඹෙන 19 වැනිදා සිදු කෙරෙන බව ඊයේ(10) නිල වශයෙන් නිවේදනය කෙරුණි.  

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද (11) බැල්මෝරල් මාලිගයේ සිට ස්කොට්ලන්ත අගනුවර වන එඩින්බැරෝ වෙත රැගෙන යාම ඇයගේ එකම දියණියවන ඈන් ‍එළිසබෙත් ඇලිස් ලුවිස් කුමරියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

දේහය එඩින්බරෝ හි හෝලිරූඩ්හවුස් මාලිගයේ හෙට පස්වරුව දක්වා තැන්පත් කර තැබේ. 

දේහය සම්බන්ධ අවමංගල්‍ය කටයුතු එළඹෙන 19 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදු කිරීමට නියමිතය. අවමංගල්‍ය එදින රාජකීය සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙනු ඇත.

රැජිනගේ අභාවය වෙනුවෙන් එරට දින 10 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නවතම වාර්තා සඳහන් කරන්නේ, අවමංගල්‍ය පැවැත්වෙන දිනය එරට බැංකු නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ නියෝගය තුන්වැනි චාල්ස් රජු විසින් අනුමත කර ඇති බවයි. චාල්ස් රජු සිය පෞද්ගලික කවුන්සිලය සමග ඊයේ පැවැත්වූ පළමු සාකච්ඡාවේදී එම නියෝගය සඳහා අනුමැතිය ලබා දුන් බව වාර්තා වේ. 

1965 වසරෙන් පසු මහ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මෙම පළමු රාජ්‍ය අවමංගල්‍ය සඳහා අවමංගල්‍ය සිදු කෙරෙන දිනය බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සුවිශේෂත්වයකි

Leave a Reply

Your email address will not be published.