රැජිනගේ දේහය බැල්මොරල් සිට එඩින්බරෝ වෙත රැගෙන යයි

දෙවන එලිසබෙත් රැජිනගේ දේහය රැගත් රථ පෙළපාලිය බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝහි හෝලිරුඩ් හවුස් වෙත පිටත්ව ගොස් තිබේ.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝහි හෝලිරුඩ් හවුස් වෙත රැගෙන යාම අද (11) පස්වරුවේ ආරම්භ කළේය.

ඒ සඳහා පැය හයක කාලයක් ගත වන බව සඳහන්ය.

අනතුරුව එඩින්බරෝහි ශාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙත රැගෙන යන දේහය පැය 24ක කාලයක් එහි තැන්පත් කෙරෙන බව ප්‍රකාශ කර තිබේ.

එහිදී රැජිනට ගෞරව දැක්වීමට එරට වැසියන්ට අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published.