ලංකාවට ලැබෙන සල්ලිවලින් 40%ක හොරකම් ගැන ලොක බැංකුව පවසයි

අද රනිල් වික්‍රමසිංහ කියනවා තෙල් පෝලිම් නැති කලා කියලා තෙල් පෝලිම් නැති වෙලා නැහැ තෙල් ගන්න සල්ලි නැති විමයි ප්‍රශ්නය රනිල් අද වැඩ කරන්නේ පොහොට්ටුවේ හොර කල්ලිය සමගයි.

සමගි ජල බලවේගයේ මහ ලේකම් පාර්ලීමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන නගරයේ පැවති සමගි ජල බල වේගයේ පාක්ෂික හමුවක් අමතමිනි.

සමගි ජන බල වේගය මස්කෙළිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් මෙම පාක්ෂික හමුව සංවිධානය කර තිබු අතර මෙම පාක්ෂික හමුව ගිනිගත්හේන සමුපකාර ශාලාවේදි 10වන දින පවත්වන ලදි.

මෙහිදි වැඩි දුරටත් කතා කල රංජිත් මද්දුම බණ්ඩාර මහතා,

‘ඊයේ පෙරේදා රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනකු පත් කලා මේ ආර්ථික ප්‍රශ්න මත මේ රාජ්‍ය ඇමතිවරුන් පත් කරන්න ඕනද මේ අය කියනවා අපි ගන්නේ මංත්‍රි පඩිය විතරයි කියලා මේ දෙක අතර වෙනස රුපියල් දස දහාසක් එත් ලක්ෂ ගනනක තෙල් ගන්නවා ඒ ගැන කතා නැහැ.

අද අරගලයේ අය හිරේ දානවා හොරුන්ට ඇමති කම් දෙනවා අපිත් වරදක් කලා අපි 2015 අපි බලයට පත්වුනාට පස්සේ හොරු ටික ඇල්ලුවේ නැහැ එත් අපි කියනවා ඉද්රියේදි අපි බලයට පත්වුන විට මේ හොරුන් අල්ලා ඔවුන්ට නිසි දඩුවම් ලබා දෙන බව.

රනිල් මහ බැංකුව කැඩුවා කියලා කියපු අයම තමයි අද රනිල් එක්ක එකට ඉන්නේ දිනේෂ් කිවා රනිල් සමග එකට වාඩි වෙන්නත් බැහැ කියලා එත් අද එකට වාඩි වෙලා ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ 88 මොනවාද කලේ ගමේ තියෙන ග්‍රාමිය බැංකුව පවා කැඩුවා බස් ටික ගිනි තිබ්බා අප නායක සජිත් කියන්නේ හොරකමින් දුෂනයෙන් තොර නායකයෙක් සමගි ජන බලවේගයේ ඉන්නේ පිරිසිදු පිරිසක් අනික් පැත්තේ ඉන්නේ හොරු ටිකක් අද පොහොට්ටුව පහට හයට කැඩිලා ඩලස්ලා වෙනම අනුර ප්‍රියදර්ෂනලා වෙනම විමල්ලා වෙනම මහිද්ද බැසිල් වෙනම මේ වගේ කණ්ඩායම් වලට පොහොට්ටුව බෙදිලා.

අපි රනිල්ට කිවා සජිත්ට අගමැති අපේක්ෂකකම දිලා මැතිවරණයට යමු කියලා එවිට රනිල් කිවේ සංධානයක් හදා ගෙන එන්න කියලා අපි සමගි ජන බලවේගය හදාගෙන මැතිවරණයට ඉදිරිපත් වන විට රනිල් වෙනම තරග කලා එයින් වුනේ මොකක්ද අපි ආසන 54ක් ගන්න විට රනිල්ට එක ආසනයක්වත් නැති වුනා රටින්ම  එක්සත් ජාතික පක්ෂයට ලැබුන ඡන්දවලට ලැබුන මංත්‍රි ධුරයෙන් තමයි රනිල් පාර්ලීමේන්තුවට ආවේ.

නිදහසින් පසුව අද අපේ රට තියෙන්නේ බයානක තැනක අද ජනතාවට කන්න නැහැ රෝහල්වල බෙහෙත් නැහැ දරුවන්ට පාසල් යන්න විදියක් නැහැ අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා 71 වර්ෂයෙත් අපේ ආර්ථිකය රින වුනා එදා හාල් පෝලිම් පාන් පෝලිම් ඇති වුනා කාඩ් එකට රෙදි ගන්න වුනා අපි 77 එය නැති කලා.

රනිල්ට පොහොට්ටුව සමග යන්න බැහැ ලෝක බැංකුව කිනයවා මේ රටට ලැබෙන සල්ලිවලින් සියයට හතලිහක් හොරකම් කරනවා කියලා ඩි. එස්. ඩඩ්ලි ජේ. ආර්. රණසිංහ ප්‍රේමදාස හොරකම් කලේ නැහැ එස්. ඩබ්ලිව් සිරිමාවෝ හොරකම් කලේ නැහැ එහෙනම් කවුද මේ විනාශය කලේ රාජපක්ෂ පවුල තමයි මේ රටට මේ විනාශය කලේ.

පොහොර නැති කරලා අපේ රටේ ගොවිතැන විනාශ කලා පොහොර නිසා අක්කරයකින් වී බුසල් සියයක් පමන ගත්තා පොහොර නැති කමින් එය 46ට බැස්සා පොහොර නැතිව තේ වගාව විනාශ කලා ලෝකයේම කාබනික පොහෝර බාවිතා කරන්නේ සියයට එකයි දශම 05ක් එත් බලන්න මේ මෝඩ පාලකයන් කරපු දේ  අද වන විට සමික්ෂනවලින් හෙලිවෙලා තියෙනවා පොහොට්ටුටේ ප්‍රශාදය සියයට දහයයි කියලා ජනතා විමුක්ති පෙරමුණ සියයට 03යි එක්සත් ජාතික පක්ෂය ගැන කියලා වැඩක් නැහැ එසේනම් කවුද ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගයයි ඉදිරියෙන් ඉන්නේ.

එයා ලංකා එක එමිරේස්ට් එක සමග කටයුතු කරන විට මහින්ද රාජපක්ෂගේ හිතවතුන් 14 දෙනකුට ගුවන් ගමනකදි ආසන දුන්නේ නැහැ කියලා එමිරේස්ට් එකෙන් ශ්‍රිලංකන් එක ඉවත් කලා නෙලුම් කුළුනක් හදන්න ගිහින් විශාල මුදල් වැය කලා තවත් විශාල මුදලක් වැය කරලා ක්‍රිඩා ගාරයක් හැදුවා.

අපිට ඉන්නේ මාකට් කරන්න පුලුවන් නායකයෙක් සජිත් තරුණයි ඔහුට හොද අනාගතයක් තියෙනවා ඔහුට හොද සැලසුම් තියෙනවා ඡන්දයක හැරවුම් ලක්ෂනය තමයි පලාත් පාලන හෝ පලාත් සභා ඡන්ද අපි 2018 පලාත් පාලන ඡන්දයෙන් පැරදුනා එසේ නම් ඉදිරියේ කුමන ඡන්දයක් පැවැත්වුනත් එයින් ජය ගැනිමට අපි සංවිධානය විය යුතුයි.

අපි ගමට ගොස් ශාඛා සමිති පිහිටු විමට පියවර ගත යුතුයි මෙම ශාඛා සමිති පිහිටුවන විට නිවෙස් වලටම ගොස් එම අයට ආරාධනා කරන්න එසේ සංවිධාන පිහිටුවා අපි ඉදිරි මැතිවරණ ජය ගැනිමට පියවර ගත යුතුයි.

මෙහිදි සමගි ජල බල වේගය මස්කෙළිය ආසන සංවිධායක කපිල නිකන්දල මහතා ඇතුළු කිප දෙනකුම කතා කරන ලදි.

Leave a Reply

Your email address will not be published.