සමන්තා පවර් සහ ජනපති අතර හමුවක්

දිවයිනට පැමිණි, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දි මේ වන විට පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ කාර්යය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී සොනාලි කෝඩේ මහත්මිය ද සහභාගි වී සිටින බව වාර්තා වේ.

දෙදින නිල සංචාරයක් සඳහා සමන්තා පවර් මහත්මිය ඇතුළු අමෙරිකානු නියෝජිත පිරිස ඊයේ (10) දිවයිනට පැමිණියාය.

Leave a Reply

Your email address will not be published.