සමන්තා පවර්ගෙන් ලංකාව⁣ට හොඳ සහතිකයක්

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බව ද සමන්තා පවර් මහත්මිය කීවාය .

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව සමන්තා පවර් මහත්මිය සහතික වූවාය.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ සමන්තා පවර් මහත්මිය රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසඳා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව කීවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මුණගැසුණු අවස්ථාවේ දී සමන්තා පවර් මහත්මිය මේ බව කීවාය.

Leave a Reply

Your email address will not be published.