ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කවුන්සිලයට ආ වාර්තාව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන කොමසාරිස්වරිය වන නාදා අල් නශීෆ් අද (12) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එම කවුන්සිලයේ සමාරම්භක සැසියට ඉදිරිපත් කළාය.

එම වාර්තාවෙන් ඇය පෙන්වාදෙන්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය ධෛර්යමත් කරන බවය.

එසේම ආයතනික වශයෙන් වෙනස්කම් සිදුකිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආරක්ෂක අංශ වල ප්‍රතිසංස්කරණ වැදගත් බවත් ඇය පැවසුවාය.

විශේෂයෙන්ම වැරදිකර ඇති අයට නිසි දඬුවම් ලබාදීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන ආයතන වල ස්වාධීනත්වය ඇතිකළ යුතු බවද නශීෆ් සභාගත කළ වාර්තාවේ සඳහන් වෙයි.

විශේෂයෙන්ම අගෝස්තු 18 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගැනීම කනගාටුවට කරුණක් බව ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published.