UNHRC 51 වන සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් (12) ආරම්භ වීමට නියමිතය.

අද ආරම්භ වන එම සැසිවාරය ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති 46/1 යෝජනාවට අදාළ ප්‍රගතිය ඇතුළුව මෙරට මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්ය.

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සඳහා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටී.

ඊට අමතරව සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරමින් කාවින්ද ජයවර්ධන සහ මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තුවරුන් ද එම සැසිවාරය නියෝජනය කිරීම සඳහා ජිනිවා නුවර බලා පිටත්ව ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published.