ලක්ෂ 64 වැඩි ආදායම් බදු නොගෙව්වාට චිත්‍රපට නිෂ්පාදකට සිතාසි

රුපියල් ලක්ෂ 64 අධික ආදායම් බදු මුදලක් නොගෙවා පැහැර හැරිබව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බුද්ධි කීර් තිෙස්න මහතාට සිතාසි නිකුත් කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස සිතාසි නිකුත් වූයේ හැව්ලොක් පාර කොළඹ 05 ලිපිනයෙහි වී. බුද්ධි කීර් තිෙස්න මහතාටය.

බුද්ධි කීර්තිසේන යන අයට අයත් කිරුළපන පිහිටි ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන ගොඩනැගිල්ලකට අදාළව රුපියල් 6,493,277.34 බදු මුදලක් පැහැර හැරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇතැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.