ආනයනික සහල් සත්ත්ව ආහාරවලට ගන්න

ගැසට්ටුව සංශෝධනය කරනවා

වැඩිපුර ඇති ආනයනික සහල් තොග සත්ත්ව ආහාරවලට ගැනීමට හැකි වන පරිදි අදාළ ගැසට් සංශෝධනයක් කිරීමට පාරිභෝගික අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

පිටරටින් ගෙන්වන සහල් සත්ත්ව ආහාරවලට ගැනීම දැනට තහනම් වුවද තමන් පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ සහල් මිනිස් පරිභෝජනයට නොව සත්ත්ව පරිභෝජනයට වඩා සුදුසු බව යැයි ද ඇමැතිවරයා අවධාරණය කරයි.

පිටරටින් ගෙන්වන ලද ඇතැම් සහල් වර්ගවලට, ශ්‍රී ලංකාවේ භාවිත නොකරන රසායනික ද්‍රව්‍ය මෙන්ම බාල පොහොර යොදා ගෙන ඇති බව පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ආනයනික සහල් තොග සත්ත්ව ආහාරවලට ගැනීමට හැකි වන පරිදි ගැසට් සංශෝධනයක් සිදු කිරීමෙන් දැනට උද්ගත වී ඇති සත්ත්ව ආහාර හිඟයට එක් පිළියමක් බවයි.

ඊයේ (13) කොළඹදී පැවැත්වූ උත්සවයකදී මාධ්‍යවලට අදහස් දක්වමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published.