මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කළුතර දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදය  සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

ඒ අනුව කළුතර  සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.

කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වන දුම්රිය අතර වේ. 

Leave a Reply

Your email address will not be published.