සක්විතිට සිරදඩුවම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය  ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට  වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට  අද (14) නියම කළේය.

විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා එකොළහකට ඔහු වරද පිළිගත් හෙයින් එක් චෝදනාවකට වසර දෙක බැගින් චෝදනා එකොළහට වසර 22 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 2,75,000 ක දඩයකට ද ඔහු යටත් කළේය.

මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගත් සක්විති රණසිංහ මහතාගේ බිරිඳට ද වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර පහකට අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 25,000 ක දඩයක් ද ඇයට නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳව සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් සක්විති රණසිංහට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍ර කීයවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවට තමන් වරදකරු බව සක්විති රණසිංහ මහතා මෙන්ම ඔහුගේ බිරිය ද අධිකරණය හමුවේ පිළිගත්තාය.

ඒ අනුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් චෝදනා 11 ට වෙන වෙනම බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 5 ක කාලෙකට අත්හිටුවීමට ද නියම කළේය.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 25000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 6 බගින් ලිහිල් සිරදඬුවම් නියම කළේය.

Leave a Reply

Your email address will not be published.