සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර හොඳම නළුවන් ලෙස සම්මාන ලබයි

කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී මෙවර හොඳම නළුවාට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන් දෙපළ සමත්විය. 

ඒ, ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ දෙමින් දැක්වූ රංගන දක්ෂතාවයෙනි. 

එම සම්මාන ලබාගනු ලැබුවේ චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

සම්මාන උළෙලේ 18 වන අදියර රුසියාවේදී ඊයේ (12) නිමාවට පත්වුණි.

රුසියාවේ ටටස්ථාන් ජනරජයේ පූර්ණ අනුග්‍රාහය සහිතව මෙම සිනමා උළෙල වාර්ෂිකව පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.