පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකවදයට පක්ෂ හා විරුද්ධව සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එම විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දෙවන හා තෙවන වසර වල සිසුවියන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි .
විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව අසලදී ඊයේ (14) සවස මෙම ගැටුම සිදුව ඇති අතර අදාළ සිසුන්ට පහරදීම සඳහා 30 දෙනකුගෙන් පමණ සමන්විත සිසුන් කණ්ඩායමක් පැමිණ ඇති බව වාර්තා වෙයි.
පහරදුන් බව කියන සිසුන් පහරකෑමට ලක්වූ සිසුන් විසින් හඳුනාගෙන ඉන් කිහිප දෙනකු පිළිබඳව තොරතුරු විශ්ව විද්‍යාල පාලන අධිකාරියට ලබා දී ඇති බවද සඳහන්ය .
එසේ පහර පහරදීමට පැමිණ ඇත්තේ නවක වදයට පක්ෂ සිසුන් කණ්ඩායමක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන අතර විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මගින්ද වෙනම විමර්ශනයක් ආරම්භ කොට තිබේ .