ඉසුරු සොයා එතෙර ගිය කතග‍ෙ සිරුර බාර ගන්න එන්නැයි ලිපියක් ඇවිත්

මීට වසර 19 පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගිය පොලොන්නරුව ප්‍රදේශයේ මවක මියගිය බව කියමින් මෘත ශරිරය ගෙන්වා දීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා අවශ්‍ය බවට කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු පැවැසුවේ යැයි එම නිවැසියෝ පවසති.

ඉසිපතන මාවත, පොලොන්නරෙුව ලිපිනයේ පදිංචිව සිටි විනීතා හෙට්ටි ආරච්චි නමැති තිදරු මව 2003.අගෝස්තු 30 වන දින කුවේට් රටේ ගෘහ සේවයට ගිය බව ඇගේ ඥාතීහු පවසති.

විදෙස්ගතව වසරකට පමණ පසු ඒම නිවසේ ඇයට කරදර බව පවසා නිවැසියන්ට දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇගේ දරුවන් සහ ස්වාමියා මේ පිළිබදව කුරුණෑගල සහ කොළඹ විදේශසේවා නියුක්තිකාර්යංශයන්ට දැනුවත් කර ඇය නැවත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය පතා ඇත.

ගෘහසේවයට ගිය බව කියන කාන්තාවගේ නිවසට යාබද නිවසක ගෘහ සේවයට ගිය බව කියන තවත් ලාංකික කාන්තාවක් මැයට ඒම නවසේ කරදර ඇති බවත් රෝගාතුරව සිටින බවත් නිවැසියන්ට දන්වා ඇය ලංකාවට නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.

යාබද නිවසේ සේවය කළ එම කාන්තාවගේ ෙ දැනුම්දීම සම්බන්ධයෙන් ස්වාමියා සහ දරුවන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට අවස්ථා කීපයකදී මේ බව පවසා ආයාචනා කර සිටියද කිසිදු නිළධාරීයකු ඒයට සවන් නොදුන් බව ඔවුහු කණගාටුවෙන් යුතුව කීහ.

විදෙස්ගත වූ බව කියන කාන්තාව වසර 19 පමණ කාලයක් තම ඥාතීන් සමග සබදතාවයක් පවත්වා නැත. ඒ් හේතුවෙන් ඇය අතුරුදන් බවද දරුවන් නැවත නැවතත් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර ඇතත් කිසිදු ලිපියකට පිළිුතුරක් නොලැබුණ බවද ඔවුන් ලංකාදීපයට කීය.

පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිළදාරියකු පැමිණ ඔහු සිය ජංගම දුරකථනයෙන් ලිපියක් පෙන්වා විනීතා හෙට්ටි ආරච්චි නමැති කාන්තාව කුවෙට් රටේදී මරණයට පත්ව ඇති බවත් ඇගේ මෘත දේහය භාරා ගැනීමට කටයුතු කරන ලෙසට අදාල ලිපිය මගින් දැනුම්දී ඇත.

මෙම කාන්තාවගේ දරුවන් ඒම ලිපියේ සදහන් පරිදි සය මවගේ මරණය සම්බන්ධව කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයට ගිය පසු ඒහි නිළදාරීන් පවසා ඇත්තේ ඇගේ මෘත දේහය කුවෙට් රටේ රෝහලක තිබෙන බවත් ඒය ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ හතරක් පහක් පමණ මුදලක් වැය වන බවද පවසා ඇත.

වසර 19 පමණ කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටි මවගේ මරණය භාර ග්නා බවට කළ දැනුම්දීමෙන් දරුවන් දැඩි සංවේගයට පත්ව ඇත.

තම මවට හිරිහැර බව පවසා නැවත ලංකාවට ගෙන්වා දෙන ලෙසට වසර 18 පමණ කාලයක් තිස්සේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගොස් පැමිණිලි කළද ඒ්වා කණකට නොගෙන ඊට අවශ්‍ය සහයා ලබා නොදුන් නිළධාරීන් මරණය භාර ගැනීමට කටයුතු කරන ලෙසට කර ඇති ලිපිය සම්බන්ධව තමන්ට සැකයක් පවතින බවට චෝදනා කර සිටියහ.

Leave a Reply

Your email address will not be published.