‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ තහවුරු කළේය.
මියගිය පුද්ගලයන් සිවුදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් මියගිය පුද්ගලයන් සිවුදෙනා අතර පිරිමින් සහ කාන්තාවන් දෙදෙනා බැගින් සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.