ව්‍යාපාර පහසු කරවන්න වෙනම අමාත්‍යංශයක්

ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය.

ඉන්දු ශ්‍රී ලංකා ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුව අමතමිනි. 

මෙම සුහද හමුව ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම සනිටුහන් කරමින් පැවැත්විණි. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අපි අනවශ්‍ය නීතිරීති ඉවත් කළ යුතුයි. අපේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපි අවධානය යොමු කරනවා. අපගේ ව්‍යාපාර පහසු කරවන වෙනම අමාත්‍යාංශයක් පිහිටවිය යුතුයි. විවිධ වෙළෙඳ ගිවිසුම් පිළිබඳවත් බලාපෙරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එකට එක් වීම සඳහා අවකාශය තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published.