සභාපති වැඩට එද්දී වෙන සභාපති කෙනෙක් පුටුවේ..

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති හෂාන් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.

ඒ මහතා ඊයේ පෙරවරුවේ සේවයට වාර්තා කරන විට මාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත්තේ නව සභාපතිවරයෙකුට එහි වැඩ භාර ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුව මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ඩබ්ලිව් එම් බී වීරසේකර මහතා එහි සභාපති ධුරයේ රාජකාරි ඊයේ දිනයේම භාරගෙන තිබේ.

පූර්ව දැනුම් දීමකින් තොරව තමන් එම ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද බව හෂාන් දිසානායක මහතා සඳහන් කළේය.

දිසානායක මහතාගේ කටයුතු සම්බන්ධයෙන් ආයතනයේ බොහෝ නිලධාරීන්ගෙන් දැඩි විරෝධය එල්ල වීම මත ඔහු එම තනතුරින් ඉවත් කළ බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published.