පසුගිය සතියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවැති සාදයක් අතරතුදී රාජ්‍ය ඇමතිවරයෙකු අහසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ නිවසේ මෙම රාත්‍රී භෝජන සංග‍්‍රහය සංවිධානය කළ තිබූ බවද සඳහන් වේ.

එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකු තම ගිනි අවියෙන් වන බවත් ඉන් නිවසේ සිවිලිමේ කොටසක් කඩා වැටී සිටි පුද්ගලයෙකු තුවාල සිදුව ඇති බවද සඳහන්ය.

එම පුද්ගලයා ජනාධිපති සහෝදරයාගේ මිත්‍රයෙක් බව ද ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද වාර්තාව තවදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published.