ගෘහස්ථ හිස් ගැස් සිලින්ඩර් වංචාවක්…

ගෘහස්ථ හිස් ගැස් සිලින්ඩර් අලෙවි කරිමේ ඡාවාරමක නිරතව සිට පුද්ගලයන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය  විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා නාවලපිටිට කිතුල්කොටේ සහ ඉඹුල්පිටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත් එම සැකකරුවන් දෙදෙනා නිවසේ පැවැත්වෙන පින් කමක් සදහා ගැස් ලබා ගැනිමට අවශ්‍යය බව පවසමින් අසල්වාසින්ගෙන් කිලෝ 12.5 සහ කිලෝ 5 හිස්  ගැස්  සිලින්ඩර් 16 ක් ලබා ගෙන එම හිස් ගැස් සිලින්ඩර් නාවලපිටිය ප්‍රදේශයේම පුද්ගලයන්ට රු 10000, 15000 වැනි මිලකට විකුණා ඇති බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් නාවලපිටිය පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

එම සැකකරුවන් දෙදෙනාට හිස් ගැස් සිලින්ඩර්  ලබා දුන් ප්‍රදේශවාසින්ට ආපසු සැකකරුවන් දෙදෙනා  හිස් ගැස් සිලින්ඩරය රැගෙන විත් භාර නොදිම නිසා හිස් ගැස් සිලින්ඩර් ලබා දුන් ප්‍රදේශවාසන් විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිනිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කල විමර්ශණයකදි මෙම වංචාව අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවු 25 – 30 ත් වයස් කාණ්ඩ වල පසුවන අය බවත් , එම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යය වලට දැඩිව ඇබ්බැහි වුවන් බවත් , එම සැකකරුවන් දෙදෙනා නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කරණ බව නාවලපිටිය පොලිසිය පැවසිය.

Leave a Reply

Your email address will not be published.