පඩි මදි… අපි නැවත අරගලයක් අරඹනවා..- ස්ටාලින්

මේ වන විට ගුරුවරුන් සදහා රාජ්‍ය සේවකයන්ට හිමිවන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැවැන්ත අරගලයකට යොමුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වන ආර්ථික වශයෙන් අර්බුදයකට ඇද දැමූ වගකිවයුතු දේශපාලකයින් මේ වන විට ජනතා බදු මුදලින් සැප විඳිමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා උදුරා ගනිමින් සිටින බවයි.

මීට එරෙහිව මතුව එන ජනතා අරගල මර්දනය කිරීම හරහා කිසිදු අවස්ථාවක පාලකයන් ජයග්‍රහණයක් හිමි නොවන බව පවසන ජෝසප් ස්ටාර්ලින් මහතා අරගලය යම් දිනක මෙම ක්‍රමවේදය විනාශ කර දමනු ඇති බව ද සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ රටේ ජනතාවගේ විරෝධය හමුවේ පලාගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණ ජනතාවගේ බදු මුදලින් ම යැපීම සහ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published.