බෝම්බයක් සේ අස්වැන්න නොලැබෙයි.. 2022 වී අස්වැන්න අඩුම වසරක්…

2022 වසර ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයක් අඩුම වර්ෂයක් වනු ඇතැයි ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි.

ඔවුන් විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ 2017 වසරේ පැවති නියං සමයෙන් පසු මෙරට සහල් නිෂ්පාදනය අඩුම වසර වනු ඇත්තේ මෙම වසර බවයි.

මෙම වසරේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන තුනක් තරම් අඩු මට්ටමකට පත්ව ඇති බවද වාර්තාව සදහන් කර ඇත.

මීට හේතුව ලෙස එම සංවිධානය පෙන්වා දෙන්නේ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයයි.

රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කර කාබනික පොහොර ආනයන කල කාලයේ මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ කාබනික පොහොර යෙදූ පසු අස්වැන්න බෝම්බයක් විශාල ලෙස ලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published.