කැස්බෑව නගර සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරයකුගේ පුත්රයෙකු එහි ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි.
පහර කෑමෙන් තුවාල ලත් ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබේ.
ඊයේ රාත්රියේ බීමතින් පැමිණි මෙම මන්ත්රී පුත්රයා එහි සිටි මෙම ආරක්ෂක නිලධාරියාට දිගට හරහට පහර දී ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.