රටේ තත්වය නිසා වංචාකාරයන් වැඩිවෙලා..

රට තුළ පවතින වර්තමාන තත්වය නිසා විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දක්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් ඇතැම් පුද්ගලයන් මුදල් වංචාකරන බවද එවැන්නන්ට හසු නොවන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියි.

විදේශ රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් ගැන දිනෙන් දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි ඉහල යන බවත් ඇමතිවරයා කියයි.

විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ බලපත්‍රයක් හිමි නීත්‍යානුකූල ආයතනයක්ද යන්න සොයා බලන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලයි.

කාර්යාංශයේ නිළ වෙබ් අඩවියෙන් හෝ 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනව නීත්‍යානුකූලභාවය ගැන තොරතුරු දැනගත හැකි බවත් ඔහු තව දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published.