නෙළුම් කුලුනෙන් දින හතරකදී කෝටියක ආදායමක්

කොළඹ නෙළුම් කලුන නැරඹීමට ජනතාවට ප්‍රවේශපත් අළෙවියෙන් ඊයේ (18) රාත්‍රී වන විට රුපියල් කෝටියකට ආසන්න මුදලක් උපයා ඇතැයි නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

නෙළුම් කුලුන පසුගිය 15 වැනිදා විවෘත කිරීමෙන් පසුව රුපියල් ලක්‍ෂ 15 කට ආසන්න මුදලක් ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු බවත් නැරඹන්නන් 7,000 ක පමණ සංඛ්‍යාවක් ඊයේ (18) දිනයේ පැමිණ ඇති බවත් නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ නිලධාරියකු පැවසීය.

නරඹන්නකු රුපියල් 500 ක ප්‍රවේශපත් මිලදීගත යුතු බව කී එම නිලධාරියා දිනපති පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා නෙළුම් කුලුන විවෘත බව ද සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.