යක්කල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ප්‍රධාන මාර්ගයට ඇදවැටී අනතුරක් සිදුව තිබේ.
කොන්දොස්තරවරයා මාර්ගයට ඇද වැටෙන අයුරු පසුපසින් ගමන්කළ රථයක ඉදිරිපස කැමරාවක පටිගතව ඇත.
එක්වරම බස් රථය දකුණු දෙසට හැරවීමත් සමඟ කොන්දොස්තරවරයා මෙලෙස මාර්ගයට ඇදවැටෙන අයුරු අදාළ දර්ශනවල පටිගත වී තිබේ.
පසුපසින් පැමිණි රථවාහනවල රියදුරන්ගේ සැලකිලිමත්භාවය හේතුවෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් නොවී බේරීමට සමත්ව ඇත.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඔහු අත තිබූ මුදල් මාර්ගය පුරා විසිරී යාම හේතුවෙන් අවට සිටි පිරිස් පැමිණ එම මුදල් අහුලා දෙන අයුරුද කැමරාවේ පටිගතව ඇත.