හයිලන්ඩ් මහා වංචාවක සුලමුල මෙන්න..

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසිය.

රේණුක පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සේවකයින් සමගද සාකච්ඡා කල රේණුක පෙරේරා මහතා එම සේවකයින් හමුවේ කියා සිටියේ මෙම ආයතනය තුල කාර්යක්ෂමව අවංකව සේවය කර ලාභ උපයන ආයකනයක් බවට පත් කිරිමට කැපවිමෙන් කටයුතු නොකලහොත් අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව පුද්ගලිකරණය කිරිමේ අවධානමක් ඇති විය හැකි බවයි.

මෙහිදි වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක් වු රේණුක පෙරේරා මහතා කියා සිටියේ

මිල්කෝ ආයතනයේ අඹේවෙල කර්මාන්ත හාලාවට එන්න විශේෂ හේතුවක් තියෙනවා , 2019 වසරේ අග භාගයෙත් , 2020 සහ 2021 වසරේ බරපතල වංචාවක් මෙම ආයතනය තුල සිදුවෙලා තියෙනවා.

ඩිසල් ලිටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බවට මට තොරතුරු අනාවරණය වුණා.

ඒ අනුව පසුගිය සතියේ විමර්ෂණ කණ්ඩායමක් මම මේකට යෙදෙව්වා. එම විමර්ෂණ වාර්තාව මම භාරගත්තා.

ඒ වාර්තාව අනුව මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය මුලික ක්‍රියාමාර්ග ගත්තා , (20) දින මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ ඒකකයට පැමිණිල්ලක් කිරිමට කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා උපදෙස් ලබාගත්තා.

වාර්තාවේ පොඩි වැරුද්දක් තිබුණා ඒ වරදට සම්බන්ධ අය අනිවාර්ය නිවාඩු යැවිමක් සිදු කරලා තිබුණේ නැ , ඒ සම්බන්ධ අදාල ක්‍රියාමාර්ග මම ගත්තා.

වරදට සෘජුව සම්බන්ධ පුද්ගලයාගේ සහ එය අධික්ෂණය කල නිලධාරියාගේ වැඩ තහනම් කිරිමටත් , එම අංශයේ නිලධාරියෙකු තොරතුරු සදහන් නොකිරිම නිසා ස්ථාන මාරු විමක් කිරිමටත්  අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තියෙනවා.

සිමිත පිරිසක් මෙම වරද සිදු කරලා තියෙන නිසා තමයි වසර දෙකකට අධික කාලයක් මේක රහසක් හැටියට තිබුණේ.

මේකට ඉහලින් කවුරු හරි හිටියාද යන්න සොයා බැලිමට තමයි අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් කරන්නේ.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ ඇතැම් නිලධාරින්ගේද සහයක් තිබුණු බව පෙනි යනවා.

කොප් කමිටුව මගින් අවස්තා ගණනාවකදි මෙම ආයතනයට කියලා තියෙනවා විගණන අංශයක් ස්ථාපනය කරන්න කියලා. ඒක සිතා මතාම සිදු කරලා නොමැති බවක් තමයි පෙනි යන්නේ.

මෙම මෙම ආයතනයේ පත්විම ලබාගත්තේ ජනවාරි මස 21 දින , මම ක්ෂණිකව ගත්ත තිරණයක් තමයි විගණන අංශයක් ස්ථාපනය කිරිම.

ඒ නිසා ආයතනය සම්බන්ධයෙන් සෘජු තොරතුරු ලබාදිමට බොහෝ පිරිසක් ඉදිරිපත් වුණා.

මෙම ආයතනය ලාභ ලබනවාද කියලා කියන්න අමාරුයි  මොකද 2018 සිට 2020 දක්වා විගණන වාර්තාවක් තිබුණේ නැ මම ආයතනය ලබා ගන්නකොට.

2019 වෙනකම් විගණනය කරලා අවසන් , ඉදිරි වසර වලත් විගණනය කරලා මෙහි සැබැ තත්ත්වය පෙන්නුම් කරන්න අපි කටයුතු කරනවා.

විගණන අංශයේ වාර්තා අනුව මෙම ආයතනය නිවැරදි දිශාවට රැගෙන යාමට මම මේ වන විට කටයුතු කරලා තියෙනවා.

දේශිය අවශ්‍යතාවය සම්පුර්ණ කරන්න තරම් මිල්කෝ ආයතනය හැකියාවක් නැ.

දේශිය කිරි නිෂ්පාදනය මේ වන විට පහල බැසලා තියෙනවා, කිරි නොමැති නිසා අවශ්‍ය නිෂ්පාදනය ලබාදෙන්න පුළුවන් කමක් නැ.

අපේ කර්මාන්ත ශාලාවේ කිරි ලිටර් ලක්ෂ 600 ගබඩා කිරිමේ හැකියාවක් තියෙනවා. නමුත් ලැබෙන්නේ අපිට කිරි ලිටර් එක්ලක්ෂ හතලිස්දහසක ප්‍රමාණයක්.

මම ආයතනය භාර ගන්නකොට තිබුණේ කිරි ලිටර් එක්ලක්ෂ විසිදහසක්,  ගතවුණු හය මාසය තුල එක් ලක්ෂ හතලිස් දහස දක්වා වැඩි කරගත්තා.

මිල්කෝ ආයතනය ගම්වල කිරිගොවින්ගේ කිරි එකතු කරලා තමයි නිෂ්පාදන සිදු කරන්නේ.

මෙම ආයතනය හොදින් දියුණු කල හැකි ආයතනයක් , කර්මාන්ත ශාලාව තුල උපරිම පහසුකම් තියෙනවා.

ක්ෂේත්‍ර නිලධාරින්ගේ දායකත්වය තමයි වැඩියෙන් අපෙක්ෂා කරන්නේ , මොකද ගම්වලට ගිහින් කිරි ගොවින් සමග සාකච්ඡා කරලා ඔහුන්ගේ කිරිවලට සාධාරණ මිලක් ලබාදිය යුතුයි.

මම එනකොට කිරිගොවියෙකුට ලිටරයක් සදහා ලබාදුන්නේ රු 80 මිලක් , දැන් 110 ක් ලබාදෙනා , ප්‍රවාහන අපහසුතා නිසා 117 ක් ලබාදෙනවා.

දියර කිරි සපයන ගොවින්ට දින කාලවකවානුව අනුව මුදල් ලබාදිමට අපි පියවර ගෙන තියෙනවා.

ප්‍රමිතියෙන් උසස් කිරි ලබාගැනිම සදහා සතුන්ව නියමිත ආකාරයට පෝෂණය කිරිමට කටයුතු කරන ලෙසත් , ප්‍රමිතියෙන් යුතු දියර කිරි අප වෙත ලබාදෙන ලෙසත් ගොවින්ගෙන් ඉල්ලා සිටිනවා.

සත්ව ආහාර නිෂ්පාදනය කරන පොල්ගහවෙල ආයතනය වහලා තිබුණේ අපි ඒකත් ආරම්භ කරා , ගුණාත්මක ආහාර සතුන්ට ලබාදිමට අප ඒක ආරම්භ කරලා ඉවරයි.

මිල්කෝ ආයතනය හොද ආයතනයක් , මුල්‍යමය අතින් හොදයි ,  දේශිය කිරි ගොවින් ශක්තිමත් කරමින් ඉදිරි ආනාගතය පිලිබදව යම් බලාපොරොත්තුවක් තියෙනවා.

දේශිය කිරි ගොවින් සහ අප ආයතනය එක පවුලක් හැටියට හිටියොත් තමයි දේශිය අවශ්‍යතාවය සම්පුර්ණ කරන්න පුළුවන් වෙන්නේ යනුවෙන් පැවසිය.

මෙම නිරික්ෂණ චාරිකාවට අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ කලමණාකරු ජි.වයි.ජි.සමන් මහතාද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published.