වතුකරයම අමාරුවේ.. පිටි නැතිව රොටී නෑ…

වතුකර ජනතාවගේ ප්‍රධාන ආහාරය වුනේ රෝටි එත් අද මේ වතුකර ජනතාවට රෝටිවත් කන්න බැහැ පිටිවල තියෙන ගනන් නිසා මෙම තත්වයන් මත අද වතු කර ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙලා ඉන්නේ මෙම තත්වයන් පිලිබදව රජය අවදානය යොමුකල යුතුයි.

මහනුවර කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂ ඩෙස්මන් පෙරේරා පියතුමන් මේ බව පවසන ලද්දේ හැටන් සිටික් ආයතනයේදි වතු ප්‍රජාවගේ ජිවිත ආලෝක කරමු යන තේමාව යටතේ  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඩෙස්මන් පෙරේරා පියතුමන් ඉංදියානු රජයෙන් මේ වතුකර ජනතාවට දෙන්න කියු බඩු මල්ල නිසි ලෙස දුන්නාද, එය කීදෙනකුටද දුන්නේ ඒ දුන්නෙත් හාල් බැගයක් පමනයි අපි මේ පිලිබදව මේ වතු කර ජනතාව දැනුවත් කල යුතුයි මොකද මෙය ලබා දුන්නේ එම පිරිසටයි එම නිසා එය නිසි ලෙස ලබා දිමට අදාල නිලධාරින් පියවර ගත යුතුයි.

මේ වතුකර ජනතාව මේ රටට ඇවිත් වසර 200ක් පමන වෙනවා එත් මේ වතුකර ජනතාව විදින දුක විවිධ ප්‍රිඩාවන් බොහෝ දෙනකු දන්නේ නැහැ එම නිසා මේ පිලිබද අදාල පිරිස් දැනුවත් කල යුතුයි.

අද වතුකරයේ දළු කඩන කාන්තාවන්ට වතු තුල තේදළු කඩන අවස්ථාවලදි හදිසියකට හෝ වැසි කිලි යාමටවත් ක්‍රමයක් නැහැ මේ වතු කර ජනතාවටත් ජිවිතයක් තියෙනවා එම තත්වයන් පිලිබදවත් අදාල පිරිස් සොයා බැලිය යුතුයි.

මේ වන විට වතුකරය තුල පවතින මිනිස් ජවාරම් පිලිබදව නන්දන මනතුංග පියතුමන් වීශේෂයෙන් සොයා බලනවා එය පමනක් නොවෙයි මේ පියතුමන් වතුකරය තුල සිදුවන ස්ත්‍රි දුෂන ඇතුළු කාන්තාවන්ට සිදුවන විවිධ හිරි හැර පිලිබදවද සොයා බලනවා.

ජාතික ආයතන වතුකර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මයිකල් රාජේන්ද්‍රන් පියතුමන් වතුකර ජනතාව මේ රටට පැමින වසර 200ක් පමන ගත වුනත් අද වන විටත් මේ වතුකර ජනතාවගේ දරුවන්ට තම මවු භාෂාවෙන් අධ්‍යපානය හැදැරිමට නොහැකි තත්වයක් පවතිනවා.

වීශේෂයෙන් ගාල්ල මාතර කළුතර වැනි ප්‍රදේශවල මෙය ඌග්‍රයි අනිකුත් භාෂාවල් ඉගෙන ගන්න එක හොදයි එත් හැම දෙනාටම තම මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබිමට ඉඩ ලබා දිය යුතුයි.

මේ වතු කර ජනතාව මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න විශාල සේවයක් කරනවා එත් එම ජනතාව නගා සිටුවිමට ප්‍රජාමුල සංවිධන හෝ දේශපාලන නායකයන් නිසි ලෙස පියවර ගන්නේ නැහැ මේ අයට තනිව නැගිට ගැනිමට බැහැ එම නිසා මේ ජනතාව වෙනුවෙන් යම් සේවයක් කිරිමට කැමති සියලුම දෙනා එකට එක් කර ගෙන මෙම වතුකර ජනතාව නගා සිටුවිමට පියවර ගත යුතුයි ඒ සදහා මග පෙන්වන්න අපි සුදානම්.

Leave a Reply

Your email address will not be published.