ජනපති රනිල් මහරජු චාල්ස් සමග කතා කරයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බි‍්‍රතාන්‍යයේ තෙවන චාල්ස් රජු සුහද කතා බහක නිරත වී ඇත.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා එරට සංචාරයක නිරත වන රාජ්‍ය නායකයන් හා රජු අතර වූ හමුවේදී මෙම හමුව සිදු ව තිබේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ පැවති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බවයි.

ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර ඇත.

Leave a Reply

Your email address will not be published.