ව්‍යාපාරිකයන්ට දෙන සහනය අපටත් ඕන- මැදගොඩ හිමි

නව විදුලි ගාස්තු ඉහල නැංවීම අනුව තම විහාරස්ථානයේ විදුලි ගාස්තුව පස් ගුණයකින් නැග ඇතැයි එම විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

කලින් මසකට රුපියල් 12,000ක් ලෙස පැවැති තම විහාරස්ථානයේ නව මාසික බිල රුපියල් 60,000 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පැවසූ උන් වහන්සේ එම මුදල ගෙවීමට හැකි වුවත් නොගෙවන බවත් කියා සිටිති.

ඉදිරියටද ගෙවන්නේ මෙතෙක් මාසිකව ගෙවූ රුපියල් 12,000 මුදල පමණක් බවත් උන් වහන්සේ කියති.

විහාරස්ථානවල විදුලි ඒකක 180 ඉක්මවූ විට ඒකකයකට රුපියල් 65ක් බැගින් අයකරද්දී ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයකට අය කරන්නේ රුපියල් 32ක් වැනි මුදලක් බවත් උන් වහන්සේ කියා සිටිති.

ආගමික ස්ථානවලට නොදෙන සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමකින්දැයි උන් වහන්සේ තව දුරටත් ප‍්‍රශ්ණ කරති.

Leave a Reply

Your email address will not be published.