ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අස්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහා රටට අනාවරණය කළ යුතුයි – විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි ආණ්ඩුව වහා රටට අනාවරණය කළ යුතු බවත් පවතින ආර්ථික අර්බුදය දඩමීමා කර ගනිමින් ශ්‍රී ලංකා රාජ්‍යයේ ‘බෙල්ල මිරිකීමට‘ කිසිවකුටත් ඉඩ දීමට උත්තර ලංකා සභාගය සූදානම් නැති බවත් ආණ්ඩුව එම ගිවිසුම පිළිබඳව රටට අනාවරණය නොකර ඉදිරියට යනවා නම් ඊට එරෙහිව නැගී සිටීම පොදු ජනතාවගේ අනිවාර්ය වගකීමක් බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(21) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published.