ඩුබායි රැකියා වංචාවට කොටුවූ කාන්තාවට අධිකරණය දුන් නියෝගය

ඩුබායි රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකාරිණියක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ලද පැමිණිල්ලකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

විමර්ශනයේදී අදාළ කාන්තාව විසින් රැකියා නියෝජිතායතනයේ භාරකාරීත්වය වෙනත් පුද්ගලයෙකු වෙත පවරා ඇති බවත් ඔහු විසින් මෙසේ මුදල් අයකරමින් රැකියා ලාභීන්ට වංචාකර ඇති බවත් පිළිගෙන තිබේ.

එහිදී සැකකාර පුද්ගලයා විසින් එක් අයෙකුගෙන් රු.450,000කට අධික මුදලක් ලබා ගෙන ඩුබායි රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා පොරොන්දු වූ පරිදි දුබායි රාජ්‍යය තුළදී ඇඟලුම් කර්මාන්තයේ හෝ සුපිරි වෙළෙඳසැල්වල රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් පැමිණිලි කර තිබේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මේ අතර රැකියා නියෝජිතායතනයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවීමේදී එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක්ද යන්නත්, එම ආයතනයට අදාළ රැකියා සඳහා යාමට කාර්යාංශයේ අනුමත රැකියා ඇණවුමක් ලැබී තිබේද යන්න පිළිබඳවත් කරුණු සොයා බලන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එසේ කරුණු සොයා බැලීමකින් තොරව යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙසටය.

මේ අතර විදේශ රැකියා වංචනිකයින් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ  011-2864241 දුරකථන අංකය වෙත හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය වෙත දැනුම් දෙන ලෙසද විදේශ රැකියා කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.
 
Leave a Reply

Your email address will not be published.