මන්ත‍්‍රීවරයෙකු අහසට වෙඩි තබයි…

කොළඹ දාබරේ මාවත ප්‍රදේශයේදී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඔහු මෙසේ අහසට වෙඩි තබා ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී එහි සිටි පිරිස් පලවාහැරීමට බව පැවසේ.

එම ගැටුම ඇති වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක දී ඇතිවූ ගැටුමක දිගුවක් ලෙසයි.

මන්ත්‍රීවරයාගේ රියදුරු බව කියන අයෙකු විසින් සිදු කල පහර දීමක් මත එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a Reply

Your email address will not be published.