‘ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් 38 දෙනෙක් පත් කරලා තියෙනවා. ඔවුන්ට වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කීවත් මං දන්නවනේ ලැබෙන බව’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
‘අද විදුලි බිල පූජක ස්ථානවලට ගෙවන්න බැරි මට්ටමක් උදාවෙලා තියෙනවා. ගම්වල තියෙන කුඩා පන්සල් වලට මේ මුදල අමාරුයි. සහනාධාර දෙන්න බැරි අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ.
සහනාධාර දෙන් නැති උනත් ජනාධිපතිතුමා රාජ්‍ය ඇමතිවරුන් 38 දෙනෙක් පත් කරලා තියෙනවා. ඔවුන්ට වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කීවත් මං දන්නවනේ ලැබෙන බව. ජනාධිපතිතුමා එවැනි තත්ත්වෙකට වැටෙන්න එපා.
ඒ නිසා සූරිය කෝෂ විදුලි පද්ධති ගේන්න. මේක ඉතාම හොඳ වැඩසටහනක්.
නමුත් මම ඉල්ලා සිටිනවා මේක දෙනවා නම් හැම එක්කෙනාටම 4% පොළියට දෙන්න. 4% පොළියට වැඩිය දුන්නොත් ගෙවන්න බැහැ. විදුලිබල අමාත්‍යවරයා කියපු 25% – 30% ණය නම් කවදාවත් ගෙවන්න බැරිවයි. හිරේ තමයි යන්න වෙන්නේ ණය ගෙවන්නේ නැතුව’