කැලණියේ දරුවන්ගෙන් සියයට 25ක් පාසල් එන්නේ නෑ

කැලණිය ප්‍රදේශයේ පාසල් දරුවන්ගෙන් හතරෙන් එකක්  දෛනිකව පාසල් එන්නේ නෑ.  ප්‍රධානම ගැටළුව ආහර ප්‍රශ්නය. ඇතැම් දරුවන් උදේ කෑම නැතිනම් එදාට පාසල් එන්නේ නෑ.  මේ නිසා පාසල් දරුවන්ගේ පැමිණීම සලකා බලනවිට දරුවන්ගේ පැමිණීම ගැන සතුටු වෙන්න බෑ යැයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සජිවි ලියනගේ මහත්මිය පැවැසුවාය.

වසංගත තත්ත්වය නිසා පසුගිය අවුරුදු තුනක පමණ කාලයේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම් තරමකගට අඩාල වුණා. යළි ආරම්භ කළත්  දරුවන්ගේ පැමිණීම සතුටු වෙන්න බෑ. එක් පාසලක් තියෙනවා සමස්ථ දරුවන්ගේ සියයට 52කයි දරුවන් පාසලට එන්නේ. මේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව මගහරිලා. සාමාන්‍යයෙන් බලන විට දරුවන්ගේ පැමිණීම සියයට 25කින් අඩුවෙලා යැයි ද ඇය කිවාය

කැලණිය,කිරිබත්ගො, හුණුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පූර්ණ දායකත්වයෙන්  දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් පැවැති වැඩසටහනකදී කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාව මේ බව කීවාය.

තෝරාගත් දරුවන් 750කට සතියකට  දින දෙකක් බත්,පරිප්පු,පොල්සම්බල,බිත්තර, කඩල ආදියෙන් සමන්විත පෝෂ්‍යදායි ආහාර වේලක් මෙමගින් පිරිනැමීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.