ඛනිජ තෙල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්දෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පනත් කෙටුම්පතට වගන්ති කිහිපයක් එක්කර ගැනීම මගින් පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවය. 
 

Leave a Reply

Your email address will not be published.