පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් මහ රෑ ගිය ගමන

පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි.

ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ කොළඹ CCC ක්‍රීඩා සමාජය වෙත තමන් සොයා පැමිණි බවය.

ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කර තිබූ ප්‍රකාශයකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය දිනක ප්‍රතිචාර දක්වා තිබූ අතර නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාද ඊයේ ඊට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා තිබුණි.

අනතුරුව ඊයේ රාත්‍රියේ තවත් පුද්ගලයෙකු සමග පාර් ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කොළඹ CCC ක්‍රීඩා සමාජය වෙත පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් සභභාපතිවරයා සොයා ඇත.

Leave a Reply

Your email address will not be published.