ඇමති බන්දුල ගැන උද්දිකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රූපවාහිනී සංස්ථාවේ පඩි ගෙවීමට සහ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සැලසුමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජපානයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර අහසට පොළොව මෙන් විශාල පරතරයක් ඇති බවය.

එසේම තණ්හාව අධික නායකයින් පාර්ලිමේන්තුවට පැමිණීම මින් ඉදිරියට වැළකිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා රුසියාවේ පැවති සම්මාන උළෙලේදී ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක් සඳහා සම්මාන ලබාගැනීමේ අවස්ථාව සඳහා හොඳම නළුවාගේ සම සම්මානය දිනූ ප්‍රවීණ රංගන ශිල්පීන් වන කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල වෙනුවට ඔහු සහභාගී වීම පිළිබඳවද මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

මේ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එය තම මන්ත්‍රී වරප්‍රසාද කඩකරනු ලැබූ අසත්‍ය ප්‍රකාශයක් බැවින් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කරන ලෙසටය.

Leave a Reply

Your email address will not be published.