SriLankan කියලා ගහගෙන ගියාට මේවා ඔක්කොම කුලියට ගත්ත ටැක්සි වගේ

ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව යානා 23 ක් තිබුණ ද ඒ සියල්ලක්ම කුලී පදනම මත ලබා ගත් ඒවා බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 80 ක මුදලක් ගෙවිය යුතුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 

අද (22) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

අපට 6,000ක් පමණ වූ සේවක පිරිසක් ඉන්නවා. දැන් අපිට ශ්‍රීලංක්න ගුවන් සමාගමේ තියෙන එකම ගුවන් යානයක්වත් අපිට අයිති නැහැ, ශ්‍රීලංකන් කියලා ගහගෙන ගියාට. මේවා ඔක්කොම කුලියට ගත්ත ටැක්සි වගේ.  ගුවන් යානා 23ම ලීස් එකට අරන් තියෙන්නේ. ඒකට ලීස් රෙන්ටල් එක අපි ගෙවන්න ඕනේ. දැන් ඒකෙත් ඩොලර් මිලියන 80 ක් අපි ණයයි, ගෙවලා නැහැ.  තව ටික කාලයක් ගියාම මෙය ප්‍රතිව්‍යූහගත කරලා මුදල් හොයාගෙන, ආයෝජකයෙක් හොයාගෙන කටයුතු කළේ නැත්නම් වෙන්නේ මොකද මේ හයදාහකගේම රැකී රක්ෂා නැති වෙනවා. අද මේක කරන්න එපා කියලා අපේ කකුලෙන් අදින අයට කියන්න ඕනේ .

Leave a Reply

Your email address will not be published.