අල්ලස් ගත් ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරිවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ අවස්ථාවේදීය. 

අදාළ සැකකරු නොච්චියාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට අනුයුක්තව, අංක 333, කුසුම්පුර වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස සේවය කර තිබේ.

බලපත්‍රයක් නොමැතිව ජංගම ඉරුම් පට්ටලයක් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සහ ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම වෙනුවෙන්, සැකකරු විසින් මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සහ කර ඇත. 

අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මූලික විමර්ශන කටයුතුවලින් අනතුරුව සැකකරු නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය.

Leave a Reply

Your email address will not be published.