පඬුවස්නුවර, බණ්ඩාරකොස්වත්ත උගුරැස්සගම වැව් පිටියේ දී අලුත උපන් බිළිඳෙකු පොහොර උරයක ඔතා කැලෑබඳ ප්රදේශයක දමා ගොස් තිබිය දී සොයාගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ගවයන් බැඳීමට ගිය කාන්තාවක් දරුවෙකු අඬන හඩක් ඇසී බලන විට උරය තුළ සිටි බිළිඳා දැක ඇති බවය.
පසුව එතැනට එක්වූ ගම්වාසීන් කළ දැනුම්දීමක් මත ගිලන් රථයකින් බිළිඳාව නිකවැරටිය රෝහල වෙත ගෙන ගොස් තිබේ.
වාරියපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.