උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ.
දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් එල්ල කර ඇති බවට සැක කරන බවය.
එක්සත් ජනපද ඩොනල්ඩ් රේගන් නෞකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා දකුණු කොරියානු නැගෙනහිර වෙරළට පැමිණ සිටියදී එම මිසයිලය අත්හදා බැලීම විශේෂත්වයක් වේ.
ජුනි මාසයෙන් පසු උතුරු කොරියාව මෙවැනි න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය වේ.