බන්ධනාගාරයට ඔරොත්තු නොදෙන රැඳවියෝ

ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන් අඩු කිරීම සිදුකළ නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්යය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයට පුද්ගලයින් විශාල වශයෙන් යොමු වීම හේතුවෙන් තරුණ පරපුරෙහි අනාගතය කනගාටුදායක තත්ත්වයක පවතින බවය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවුවන් අත්අඩංගුවට ගැනීම් ඉහළයාම හමුවේ බන්ධනාගාර පද්ධතියට ඔරොත්තු නොදෙන ආකාරයට රැඳවියන් වැඩී වී ඇති බව ද කොළඹ පැවති වැඩමුළුවකට සහභාගී වෙමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පොලීසිය පිළිබඳව ජනතාව තුළ පවතින ආකල්පය වෙනස් කර විශ්වාසය ඇති කිරීම අපරාධකරුවන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට පහසුවක් වන අතර ජනතාවගේ ආරක්ෂාව ඇති කිරීමේ ප්‍රධානතම ආයතනය වන පොලීසිය ජනතාවගේ මුලික අයිතීන් ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.