රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම ලිහිල් වෙයි.

රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට ‘හැකිය’ යන්න වෙනුවට ‘යුතුය’ යන්නෙන් සංශෝධනය කර නව චක්‍රලේඛයක් මේ සතිය තුළ නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

දැනට රාජ්‍ය සේවයට සුදුසු ඇඳුමින් සැරසී පැමිණිය හැකි යන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර ඇතැම් ආයතන ප්‍රධානීන් එම චක්‍රලේඛයේ ‘හැකිය’ යන්න සඳහන් කර තිබෙන නිසා සුදුසු ඇඳුමින් පැමිණීමට සේවකයන්ට අවස්ථාව නොදෙන බවට අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එම දැනුම්දීම සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ‘හැකිය’ යන්න වෙනුවට ‘යුතුය’ යන්න සඳහන් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්තත මායාදුන්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.