ව්‍යජ තොරතුරු පදනම්ව ශ්‍රී ලංකා මන්දපෝෂණයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇතැයි ප්‍රසිද්ධ කළ ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වාහාම රටින් පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (25) පැවසීය.
එම ප්‍රසිද්ධ කිරීමත් සමඟ රට තුළ ආහාර හිඟයක් නිසා මන්දපෝෂණය ඇතිවී තිබෙන්නේ යැයි දේශපාලඥායින් සහ වෘත්තීය සමිති විශාල ප්‍රචාරයක් ගෙන යමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ කරමින් සිටින බව කී බෙල්ලන මහතා රට තුළ ආහාර හිඟයක් ඇති බවට කරන ප්‍රචාරයන් අසත්‍ය බව ද සඳහන් කළේය.
‘යුනිසෙෆ්’ සංවිධානයට ශ්‍රී ලංකාව ද සාමාජික මුදල් ගෙවන බැවින් එම සංවිධානය මෙවැනි ප්‍රචාරයක් කිරීම කිසිඳු ලෙසකින් අනුමත කළ නොහැකි බවත් මෙය එම සංවිධානය කළ ව්‍යාජ මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශයක් බවත් බෙල්ලන මහතා සඳහන් කළේය.
ඉන්දියාව සහ බංග්ලාදේශ වැඩි රටවල්වල ශ්‍රී ලංකාවට වඩා මන්දපෝෂණ තත්වයක් ඇති බව කී බෙල්ලන මහතා සඳහන් කළේ දරුවෙක් දහවල් ආහාරයට පොල් කෑවා යැයි කියන සිද්ධියක් යොදාගෙන ඇතැමුන් දේශපාලනය කරන බවත්ය.