ඇල්ල කඳු වැටියට ගිනිතබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් 16දෙනා ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට අධිකරණය නියෝග කළ බව පොලීසිය පැවසීය.
මීට අමතරව එම සිසුන් හට ලබන මස 02 වන ඉරිදා දින ඇල්ල පොලිස් ස්ථානයේ අධීක්ෂණය යටතේ ඇල්ල ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක එක් අයෙකුට පැල 10 බැගින් රෝපණය කරන ලෙසට ද අධිකරණය නියෝග කර ඇත.
ඇල්ල කඳු වැටියට ගිනිතබා අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) පාසල් සිසුන් 16දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් රඳවා තබාගෙන ඇල්ල පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එලෙස අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් වයස අවුරුදු 16ක් වන පස්සර හා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ඔවුන් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා ඇල්ල කඳුවැටියට පැමිණ සිටියදී එලෙස රක්ෂිතයට ගිනිතබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.