උතුරු පයාගල සාන්ත අන්තෝනි පෙදෙස වෙරළ තීරයේ මිතුරන් දෙනෙකු සමග මුහුදේ දිය නෑ මට ගිය 17 හැවිරිදි සිසුවකු දියේගිලී අතුරුදන් විඇතැයි පයාගල පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ පයාගල පොලිස් වසමේකලමුල්ල , ප්රදේශයේ පදිංචිව සිටි රන්මුතු ඩෙරන් සිල්වා නමැති පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.
24 දිනට යෙදී තිබුණඋපන්දිනය සැමරීමට පාසල් මිතුරන් දෙදෙනකුද නිවසට පැමිණ සිටියදී ඔවුන් සමග පයාගල මුහුදේ දියනාමින් සිටියදී දිය රළකට අසුව මෙම සිසුවා අතුරුදහන්ව තිබේන බව පොලිසිය කියයි .
අතුරුදහන්ව ඇතිසිසුවා සහ මිතුරන් දෙදෙනකු මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිට ඇති අතර, එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි සදහන් වේ.එම අවස්ථාවේ පැමිණි පුද්ගලයකු මුහුදට පැන රළ පහරට හසුව ගසා ගෙන යමින් සිටී අනෙක් සිසුන් දෙදෙනා බේරාගෙන තිබේ.
අතුරුදන්ව ඇති සිසුවා ගේ නිවසේ 24 පස්වරුවේ උපන්දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදා තිබූ බව දැනගන්නට තිබේ.
පයාගල පොලිසිය සහ නාවික හමුදාව අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සෙවිමේ කටයුතු කරන බව පොලිසිය කියයි.