කොළඹ වරාය නගරය ගැන ගත් අලුත්ම තීරණය

කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව තීරණය කර තිබේ.

ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය. 

ඉදිරිපත් කෙරෙන අයදුම් පත්‍ර ඇගයීමට ලක්කිරීමෙන් පසු කොන්දේසිවලට අනුකූල නම් අදාළ මෙහෙයුම් බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදෙන අතර,  ආයෝජකයින් මහ බැංකුවේ නියාමයන්ටද අනුකූල විය යුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම දන්වා ඇත.
 

Leave a Reply

Your email address will not be published.