මියන්මාර රූ රුජින කැනඩාවට

මියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වුණු මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැන් ලේ, මියන්මාරය නියෝජනය කරමින්, 2021 තායිලන්තයේ පැවැති රූ රැජින කිරුළට සහභාගී වූවාය. මියන්මාර හමුදාව, අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් සිර කළේ එම කුමන්ත්‍රණයෙන් පසුවය.

හමුදා රජය විවේචනය කළ හැන් ලේ ට ආපසු මියන්මාරයට යෑමට නොහැකි විය. ඇය මෙතෙක් කල් තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටියාය. ඒ, තායිලන්ත බලධාරීන් ඇය මියන්මාරයට පිටුවහල් කරාවි යැයි බිය වෙමිනි.

කෙසේ නමුත්, විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ, හැන් ලේ දකුණු කොරියාවට අයත් ගුවන් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ නගරය බලා ගිය බවය.

Leave a Reply

Your email address will not be published.