බුම්රාට ලෝක කුසලානය අහිමිවෙන ලකුණු

ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ආබාධ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාය.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පසුගිය ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය.

කෙසේ වෙතත් පසුව ඔහුට දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා එක්වීමට අවස්ථාව ලැබුණි.

එසේ වුවද එම තරගාවලිය අතරතුර ඇතිවූ දැඩි වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් නැවතත් ස්කෑන් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.