ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ සීමාව අහසයි

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මේ බව සඳහන් කළේය.

එසේම ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී පැවසුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ සීමාව “අහස” පමණක් වන බවය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර හවුල්කාරීත්වය හරහා උසස් අධ්‍යාපනය ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉන්දියාව දරන උත්සාහය සම්බන්ධයෙන් ද ඔහු එහිදී කරුණු දක්වා තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනය සහ නිපුණතා පුහුණුව සම්බන්ධයෙන් වූ සහයෝගීතාව වැඩිකර ගැනීමට ද ඉදිරියේ දී අපේක්ෂා කරන බවය.

ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන ඉන්දීය රජය විසින් පවත්වාගෙන යනු ලබන ද්විපාර්ශ්වික ආධාර වැඩහටහනක් වන අතර ඒ හරහා මේ වනවිට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබාදී තිබේ. 

Leave a Reply

Your email address will not be published.